Header

Sri Lanka Army

Defender of the Nation

09th August 2021 14:42:41 Hours

ගජබා රෙජිමේන්තුවේ දිවංගත විරුවන්ගේ ගුණ සැමරුම් උත්සව සමාප්ත වෙති

ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ මේජර් ජෙනරල් විජය විමලරත්න මෙන්ම ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ කර්නල් වයි.එම්. පලීපාන ඇතුළු අනෙකුත් විරුවන් දේශය වෙනුවෙන් දිවිපුදා වසර 29 ක් සපිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ ගුණ අනුස්මරණ උත්සව අනුරාධපුර රුවන්වැලි සැයේදී ඉකුත් ඉරිදා (08) දින සන්ද්‍යාවේ සමාප්ත විය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා ගජබා රෙජිමේන්තුවේ සහ විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත මේජර් ජෙනරල් විජය විමලරත්න සහ කර්නල් වයි.එම්. පලිපාන ඇතුළු යුද විරුවන්ගේ 29 වන අනුස්මරණය වෙනුවෙන් ගුණ අනුස්මරණ වැඩසටහන් යාපනය ප්‍රදේශයෙන් ආරම්භ කරන ලදී. එමෙන්ම, අනුරාධපුර රුවන්වැලි මහා සැයේදී ‘අෂ්ඨපාන‘ පූජාවක් පවත්වමින් එම සමරු උත්සව සමාප්ත කරන ලදී.

මෙම උත්සවය සඳහා ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් දිනේෂ් උඩුගම ඇතුලු මාණ්ඩලික නිලධාරින් කිහිපදෙනෙකු සහ එම රෙජිමේන්තුවේ සාමාජිකයින් කිහිපදෙනෙකු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සහභාගී වූහ. එම ගුණ අනුස්මරණ උත්සව පුෂ්පෝපහාර පුදකිරීම සහ මහා සංඝරත්නයට දානය පූජාකිරීම ආදි අංගයන්ගෙන් සමන්විත විය.