Header

Sri Lanka Army

Defender of the Nation

08th August 2021 13:31:57 Hours

56 වන සේනාංකයේ භටපිරිස් ඒ - 9 මාර්ගය දෙපස පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් දියත් කරති

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව 56 වන සේනාංක මූලස්ථානය විසින් පසුගිය බ්‍රහස්පතින්දා (29) දින එම සේනාංක මූලස්ථානය අසල පිහිටි ඒ - 9 මාර්ගය දෙපස පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.

56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නන්දන දුනුවිලගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ අතර ඒ සඳහා අතුරුගිරිය හරිත වන සංගමයේ සහයෝගය ද හිමිවිය.

මෙම ව්‍යාපෘතිය සඳහා අතුරුගිරිය හරිත වන සංගමයේ විධායක අධ්‍යක්‍ෂ හරීන්ද්‍ර යසස් සේරසිංහ මහතා පැළ 400 ක් පමණ ලබාදුන්නේය. මෙම වැඩසටහන එඩ්නා සමූහ ව්‍යාපාරයේ සාමාන්‍යාධිකාරී ගජබා ද සිල්වා මහතා සහ 56 වන සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිතන් කර්නල් ඩබ්ලිව්.කේ.ඒ.එස් ප්‍රියන්තලාල්ගේ සම්බන්ධීකරණයෙන් සිදුකරනු ලැබූහ.