Header

Sri Lanka Army

Defender of the Nation

08th August 2021 12:31:57 Hours

1 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් පොලිසිය සමඟ එක්ව ගංජා හේනක් වටලයි

24 වන සේනාංකයේ භටපිරිස් විසින් ලබාදුන් බුද්ධි තොරතුරකට අනුව 1 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් පොතුවිල් පොලිසිය සමඟ එක්ව ඉකුත් බදාදා (04) දින පොතුවිල් උතුර, හුලන්නුගේ ප්‍රදේශයේ ගංජා හේනක් වැටලීමට සමත්විය.

24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චමින්ද ලමාහේවා සහ 242 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්දික පීරිස් ගේ උපදෙස් මත මෙම වැටලිම සිදුකරන ලදී. ගංජාහේන වගාකල සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොතුවිල් පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

රක්‍ෂිතයේ අක්කර 1/4 ක පමණ භූමි භාගයක වගා කරන ලද නීති විරෝධී ගංජා හේනේ පැළ 7000 ක් පමණ වගාකර තිබිණි.