Header

Sri Lanka Army

Defender of the Nation

05th August 2021 20:04:30 Hours

යුද්ධ හමුදාව පරිහරණය කරන ලද පෞද්ගලික ඉඩම් නිසි හිමිකරුවන් වෙත බෙදාදෙති

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි 1991 වසරේ සිට මේ දක්වා යුද්ධ හමුදාව විසින් භාවිතා කරන ලද සිවිල් වැසියන්ට අයත් පුද්ගලික ඉඩම් ඒවායේ නිසි හිමිකරුවන් වෙත නිදහස් කිරීම පසුගිය අඟහරුවාදා (03) දින මඩකලපුව කිරාන් ප්‍රදේශයේදී සිදුකරන ලදී.

231 වන බලසේනාවේ බලසේනාධිපති, බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චිගේ උපදෙස් පරිදි කුඹුරුමුල්ල ප්‍රදේශයේ පිහිටි 4 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් සහ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය සහභාගී වූහ.

මෙම අවස්ථාව සඳහා 23 වන සේනාංකයේ සේනාංකාධිපති, 231 වන බලසේනාවේ බලසේනාධිපති, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, පොලිස් නිලධාරින් සහ රාජ්‍ය නිලධාරින් ද සහභාගී වූහ. ඒ අනුව, පී අන්නපුරම් මහත්මියට හිමි මඩකලපුව දිස්ත්‍රික්කයේ කිරාන් බටහිර ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ සහ කෝරලේපත්තු දකුණ (කිරාන්) දිස්ත්‍රික් ලේකම් කොට්ඨාශයේ පිහිටි අක්කර 5 ක පෞද්ගලික ඉඩම සහ වාලච්චේන, කෝරලේපත්තු දිස්ත්‍රික් ලේකම් කොට්ඨාශයේ, කිරාන් බටහිර ග්‍රාම නිලධාරි වසමේ පිහිටි කෝරලේපත්තු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් අක්කර 7 යි රූට් 2 යි පර්චස් 22 ක ඉඩමක් මෙසේ නිදහස් කර එම ඉඩම් වලට අදාළ ලිපි ලේඛන දිස්ත්‍රික් ලේකම් වෙත භාරදෙන ලදී.