Header

Sri Lanka Army

Defender of the Nation

08th August 2021 09:45:15 Hours

වීරෝදාර රණවිරුවෙකු වන ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව රට වෙනුවෙන් දිවිපුදා අද (08) දිනට වසර 29 ක් ගත වේ

ශ්‍රී ලංකාවේ පැවති මානුෂීය මෙහෙයුම් සමයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් බිහිවූ විශිෂ්ඨ රණවිරුවෙකු වූ ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු තවත් වීරෝදාර රණවිරුවන් 9 දෙනෙකු දේශය ත්‍රස්ත ග්‍රහණයෙන් මුදාගැනීමට සිය දිවිපුදා අද (08) දිනට වසර 29 ක් ගතවේ. ඒ වෙනුවෙන් ගුණ සැමරුම් උළෙලක් එම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙතින් අනුරාධපුර නගරයේ අද (08) දිනය පුරාවට පැවැත්වේ.

1992 වර්ෂයේ අගෝස්තු මස 08 දින යාපනය අරාලි තුඩුවේදී එල්.ටී.ටී.ඊ බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වී ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, මේජර් ජෙනරල් විජය විමලරත්න, රියර් අද්මිරාල් මොහාන් ජයමහ, ලුතිතන් කර්නල් එච්.ආර් ස්ටීවන්, ලුතිතන් කර්නල් ජී.එච් ආරියරත්න, ලුතිතන් කර්නල් වයි.එන් පලිපාන, කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිතන් කර්නල් නලීන් ද අල්විස්, ලුතිතන් කමාන්ඩර් සී.බී විජේපුර සහ සාමාන්‍ය සෙබළ ඩබ්ලිව්.ජේ. වික්‍රමසිංහ ජීවිතක්‍ෂයට පත්වූහ.