05th August 2021 19:55:50 Hours
යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් පසුගිය මාස කිහිපය පුරාවට එන්නත්කරණ වැඩසටහන් දියත් කරනු ලැබූහ. ඒ අනුව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි 11 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් මේ වනවිට දිවයින පුරා ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩසටහනේ සංඛ්‍යාලේඛන, දත්ත, තොරතුරු සහ අනෙකුත් විස්තර යාවත්කාලීන කරමින් පවතී.
එහිදී, බස්නාහිර පළාතේ යුද්ධ හමුදාව වෙතින් පාලනය වන එන්නත්කරණ මධ්‍යස්ථාන වලට අදාළ සියලුම තොරතුරු පැය 24 පුරාම ඇතුළත් කරනු ලබයි. ඒ සඳහා වෛද්‍ය කණ්ඩායම්වල සහය ද ඇතිව තාක්‍ෂණික සහායෝගය සංඥා බලකායේ භටපිරිස් විසින් ලබා දෙනු ලබයි. තොරතුරු පද්ධතියකට ඇතුළු කිරීම සඳහා එන්නත්කරණය සිදුකළ මහජනතාවගේ ජෛව දත්ත ඵලදායී ලෙස එකතු කිරීම මෙහිදී සිදුකෙරේ.
ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරල් අශෝක පීරිස් සහ තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.සී ප්‍රතාපසිංහගේ උපදෙස් පරිදි 11 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එස්.ඩී කොතලාවල එම ඒකකයේ භටපිරිස් සමඟ එක්ව ජාතියේ උන්නතිය උදෙසා මෙම කර්තව්‍යය සඳහා කැපවී සිටිති.