Header

Sri Lanka Army

Defender of the Nation

05th August 2021 19:58:26 Hours

නව විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

ශ්‍රී ජයවර්ධනපුර, යුද්ධ හමුදා මුලස්ථානයේ 21 වන විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් දීපාල් හතුරුසිංහ ඉකුත් සඳුදා (2) දින රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.

බ්‍රිගේඩියර් දීපාල් හතුරුසිංහ ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. මෙම අවස්ථාවට අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.

මීට ප්‍රථම, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ලෙස රාජකාරි කල මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් භඨකාර්ය සම්පාදන අණසක මුලස්ථානයේ නව ආඥාපති ධූරයට පත්වීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් දීපාල් හතුරුසිංහ එම ධුරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

බ්‍රිගේඩියර් දීපාල් හතුරුසිංහ නව තනතුරේ රාජකාරි භාරගැනීමට ප්‍රථම ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන තනතුර හෙබවිය.