Header

Sri Lanka Army

Defender of the Nation

05th August 2021 19:48:34 Hours

යුද්ධ හමුදා භටපිරිස් හදිසියේ ඇතිවු ගින්නක් මැඩපවත්වයි

මොණරාගල - හුලන්දාව රක්‍ෂිතයේ ඉකුත් අඟහරුවාදා (03) දින හදිසියේ ඇතිවු ගින්නක් මැඩපැවැත්වීමට ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනාවේ භටපිරිස් සමත්වූහ.

යුහුසුළුව ක්‍රියාත්මක වු භටපිරිස් එම ස්ථානයට පැමිණ රක්‍ෂිතය පුරා ව්‍යාප්තවෙමින් පැවති ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළහ.

12 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත 121 වන බලසේනාවේ බලසේනාධිපතිගේ පූර්ණ අධික්‍ෂණය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාවට නැංවිණි.