04th August 2021 22:19:26 Hours
යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ඉදිරි සැලසුම් සඳහා අවශ්‍ය පරිසරය සකස්කරදීමේ අරමුණින් ඔවුන්ගේ කුසලතා, මෙහෙයුම් හා පරිපාලන කටයුතු සහ අත්දැකීම් අනාගත අපේක්‍ෂාවන් සඳහා වැඩිදියුණු කිරිම සඳහා දෙවන වරට සංවිධානය කළ ‘M2C හමුදාවන් සඳහා වූ ආයතනික ව්‍යවසායකත්ව සහතිකපත් පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය ‘වොටර්ස් ඒජ්‘ (Water’s Edge) හීදි ඉරිදා (01) දින පවත්වනලදී.
මෙම පාඨමාලාව සඳහා මේජර් ජෙනරල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 12 දෙනෙකු, බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් තිදෙනෙකු, රියර් අද්මිරාල් නිලයේ නිලධාරින් 5 දෙනෙකු සමගින් කොමදෝරු නිලයේ නිලධාරින් 5 දෙනෙකු ඇතුළු සාමාජිකයින් 24 දෙනෙකු ඇතුළත් වූහ.
ජෙනරල් දයා රත්නායක (විශ්‍රාමික) ගේ සංකල්පයක් මත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ආරම්භ කරන ලද මෙම පාඨමාලාවේ සහතික පත් ප්‍රදානෝත්සවය සඳහා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
අන්තර් මහාද්වීපික මානව සම්පත් කළමාණාකරන ආයතනය සහ ලංකාවේ වාණිජ මණ්ඩලය මෙන්ම සම්පත්දායකත්ව ආයතනයක් වන 'M2C හමුදාවන් සඳහා වූ ආයතනික ව්‍යවසායකත්ව සහතිකපත් පාඨමාලාවේ අනුග්‍රහක්තවය දක්වන ACCESS ඉංජිනේරු පුද්ගලික සමාගමේ සභාපති සුමාල් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් මෙම පාඨමාලාව 2021 මාර්තු මාසයේදී විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් සඳහා ආරම්භ කරන ලද අතර එම පාඨමාලාවේ දෙවන අදියර සක්‍රිය සේවයේ නිරත ත්‍රිවිධ හමුදා නිලධාරීන් සඳහා ආරම්භ කරන ලදී.
‘M2C හමුදාවන් සඳහා වූ ආයතනික ව්‍යවසායකත්ව සහතිකපත් පාඨමාලාවේ දෙවන අදියර සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා, ACCESS ඉංජිනේරු පුද්ගලික සමාගමේ සභාපති සුමාල් පෙරේරා මහතා ඇතුළු නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරල් දයා රත්නායක (විශ්‍රාමික) ගේ සංකල්පයක් මත යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ඉදිරි සැලසුම් සඳහා අවශ්‍ය පරිසරය සකස්කරදීමේ අරමුණින් ඔවුන්ගේ කුසලතා, මෙහෙයුම් හා පරිපාලන කටයුතු සහ අත්දැකීම් අනාගත අපේක්‍ෂාවන් සඳහා වැඩිදියුණු කිරිම සඳහා ‘M2C’ හමුදාවන් සඳහා වූ ආයතනික ව්‍යවසායකත්ව සහතිකපත් පාඨමාලාව ආරම්භ කරන ලදී.
වරාය අධිකාරියේ සභාපති සහ හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරල් දයා රත්නායක (විශ්‍රාමික) ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ආරම්භ කරන ලද ‘M2C හමුදාවන් සඳහා වූ ආයතනික ව්‍යවසායකත්ව සහතිකපත් පාඨමාලාවේ ආරම්භයේ සිට එය සාර්ථකව සිදුකිරීම සඳහා මහත් පරිශ්‍රමයක් ගත් බව මෙම සහතිකපත් උත්සවය සඳහා සපැමිණ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සියලුදෙනා ආමන්ත්‍රණය කරමින් සඳහන් කළේය.
මෙම පාඨමාලාව ජෙනරල් දයා රත්නායක (විශ්‍රාමික) ගේ සංකල්පයක් මත ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ආරම්භ කරන ලදී. තවද ඒ සඳහා නාවික සහ ගුවන් හමුදාපතිවරුන්ගේ සහයෝගය ද හිමිවිය.
මෙම පාඨමාලාව තුළින් විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උසස් ආයතනවල රාජකාරී කිරිමේදී තරඟකාරී වටපිටාවක කළමනාකරණය කාර්යක්‍ෂමව හා ඵලදායීව පවත්වාගෙන යාම සඳහා තාක්‍ෂණය හා දැනුම හුවමාරු කරගැනීමට හැකියාවක් ලැබේ.
අනාගතයේදී යුද්ධ හමුදා ප්‍රවීණයින්ගේ ආයතනික දැනුම, කුසලතා හා අත්දැකීම් ඉදිරි රාජ්‍ය හා පෞද්ගලික ක්ෂේත්‍රයේ රැකියාවල ගුණාත්මකභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම පාඨමාලාව තුළින් හසල දැනුමක් ලබාගත හැකි බව සඳහන් කළ ආරක්‍ෂක ලේකම්වරයා එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අන්තර් මහාද්වීපික මානව සම්පත් කළමාණාකරන ආයතනය සහ ශ්‍රී ලංකාවේ වාණිජ මණ්ඩලය මෙන්ම සම්පත්දායකත්ව ආයතනයක් වන ‘ACCESS’ ඉංජිනේරු පුද්ගලික සමාගම සහ අන්තර් මහද්වීපික මානව සම්පත් කළමනාකරණ ආයතනය මේ සඳහා ලබාදුන් අනුග්‍රහකත්වය වෙනුවෙන්ද සිය ස්තූතිය පුද කළේය.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ, සමරු ඵලක සහ ත්‍යාග ද ප්‍රදානය කරන ලදී.
මෙම සැසිවාරය සඳහා ජෙනරල් දයා රත්නායක (විශ්‍රාමික), ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, යුද්ධ හමුදා මණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා, නාවික හමුදා නියෝජ්‍ය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් නන්දන ජයරත්න, අන්තර් මහාද්වීපික මානව සම්පත් කළමාණාකරන ආයතනය සහ ශ්‍රී ලංකාවේ වාණිජ මණ්ඩලය මෙන්ම සම්පත්දායකත්ව ආයතනයක් වන ‘ACCESS’ ඉංජිනේරු පුද්ගලික සමාගමේ සභාපති සුමාල් පෙරේරා මහතා, ශ්‍රී ලංකා ජාත්‍යන්තර රාජ්‍ය කළමනාකරණ සංගමයේ හා ඇමරිකා එක්සත් ජනපදයේ ශිෂ්‍ය සංගමයේ අනුශාසක සහ අන්තර් මහද්වීපික මානව සම්පත් කළමනාකරණ ආයතනයේ ‘IIHRM’ කළමනාකාර අධ්‍යක්‍ෂ රංජීව කුලතුංග මහතා, ලංකා වාණිජ මණ්ඩල උප සභාපති දුමින්ද හුලංගමුව ඇතුළු විවිධ ආයතනවල ප්‍රධාන තනතුරු දරණ විද්වත් කණ්ඩායමක් සහ විශ්‍රාමික යුද්ධ හමුදා නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.