Header

Sri Lanka Army

Defender of the Nation

06th August 2021 17:13:19 Hours

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි නව මාර්ගෝපදේශයන් නිකුත් කරයි

අතිගරු ජනාධිපතිතුමන් සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද දින මධ්‍යහනේ (06) නිකුත් කල නිවේදනය පහත පරිදි වේ.

ආසන සංඛ්‍යාව 500 කට වඩා වැඩි උත්සව ශාලා තුල විවාහ මංගල උත්සව පැවැත්වීමේදී 150 දෙනෙකුට පමණක් සහභාගි විය හැකි අතර ආසන 500 ට අඩු උත්සව ශාලා තුල විවාහ මංගල උත්සව පැවැත්වීමේදී 100 දෙනෙකුට පමණක් සහභාගි විය හැකිය. අවමංගල්‍ය කටයුතු සඳහා එක් වරකට උපරිම වශයෙන් 25 දෙනෙකුට සහභාගි විය හැකිය.

එමෙන්ම, සියලුම රාජ්‍ය උත්සව 2021 සැප්තැම්බර් මස 01 දින දක්වා කල්දැමීමට කටයුතු කර ඇත. රාජ්‍ය සේවකයින් සේවයට පැමිණිම ආයතනයේ අවශ්‍යතාවය මත ආයතන ප්‍රධානීයා විසින් තීරණය කල හැකිය. (නිමාව)