Header

Sri Lanka Army

Defender of the Nation

04th August 2021 16:17:57 Hours

ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මුලිකත්වයෙන් වියලි සලාක පාර්සල් බෙදාදෙයි

මින්නේරිය බටුඔය අශෝකාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන්ගේ ඉල්ලීමකට අනුව, කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් දෛනික ආදායම් මාර්ග අහිමිවී පීඩාවට පත් අඩු ආදායම්ලාභි පවුල් වෙත වියලි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මේජර් ජෙනරල් මහේෂ් අබේරත්න ගේ උපදෙස් මත පසුගියදා සංවිධානය කරන ලදී.

ඒ අනුව, මොබිටෙල් පුද්ගලික සමගමේ අනුග්‍රාහකත්වය ඇතිව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් 25 ක් වෙත වියලි සලාක පාර්සල් බෙදාදීමේ මෙම වැඩසටහන පරිත්‍යාගශීලින්ගේ සහයෝගය ඇතිව මින්නේරිය බටුඔය අශෝකාරාම විහාරස්ථානයේදී පවත්වන ලදී.

මෙම අවස්ථාවට ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මේජර් ජෙනරල් මහේෂ් අබේරත්න, විහාරස්ථානයේ භික්‍ෂුන් වහන්සේලා, යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් එක්ව සිටියහ.