05th August 2021 08:54:37 Hours
කඩොලාන සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන්, 242 වන බලසේනාව යටතේ ස්ථාපිත 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් ඉකුත් සඳුදා (26) දින අම්පාර ‘ඌමිරි’ කලපුව ප්‍රදේශය ආවරණය කරමින් කඩොලාන පැළ 200 ක් සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය අඩවි වන නිලධාරී කාර්යාලය හා සම්බන්ධීකරණයෙන් 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.
මෙම ව්‍යාපාතිය සඳහා වන සංරක්‍ෂණ ජෙනරාල්, දිස්ත්‍රික් ලේකම් - අම්පාර, 242 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් පිරිසක් සහභීවූහ