05th August 2021 19:52:22 Hours
ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පෙරහැරේ ආරක්‍ෂාව පිළිබඳ සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ඉක්තු සඳුදා (02) දින කුණ්ඩසාල ප්‍රදේශයේ පිහිටි 11 වන සේනාංක මුලස්ථානයේදී ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් විකුම් ලියනගේ සහ 11 වන සේනාංකයේ සේනාංකාධිපති කිත්සිරි ලියනගේ ඇතුළු බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, නාවික හා ගුවන් හමුදා නිලධාරින් සහ පොලිස් නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මෙහිදී, ශ්‍රී දළදා පෙරහැර සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට මුල්තැනක් දෙමින් විශේෂ ආරක්‍ෂක සැලැස්මක් යටතේ පැවැත්වීම පිළිබඳ සාකච්ඡා කෙරිණි.