04th August 2021 16:21:12 Hours
භඨකාර්ය සම්පාදන අණසක මූලස්ථානයේ නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් ඉකුත් සඳුදා (02) දින කොස්ගම පිහිටි භඨකාර්ය සම්පාදන අණසක මුලස්ථානයේදී රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
භඨකාර්ය සම්පාදන අණසක මුලස්ථානය වෙත සපැමිණි නව ආඥාපති පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ප්‍රධාන දොරටුව අභියසදී පිරිනැමුවේය. පසුව, හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරයද නව ආඥාපති වෙත පිරිනැමුවේය.
භඨකාර්ය සම්පාදන අණසක මූලස්ථානයේ නව ආඥාපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් සිය කාර්යාලයේදී, ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. පසුව, නව ආඥාපති භටපිරිස් ඇමතූවේය.
මීට ප්‍රථම, භඨකාර්ය සම්පාදන අණසක මූලස්ථානයේ ආඥාපති ලෙස කටයුතු කල මේජර් ජෙනරල් රංජන් ප්‍රේමලාල් යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් එම ධූරයට පත්විය.
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක ධුරය හොබවනු ලබන මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් නව තනතුරට පත්වීමට ප්‍රථම විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරල් ධුරයේද රාජකාරි කරන ලදී. සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවති මෙම උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් එක්ව සිටියහ.