04th August 2021 16:15:57 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 10 වන කර්නල් සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් අනිල් ඉලංගකෝන් ඉකුත් සඳුදා (02) දින පොල්හේන්ගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මුලස්ථානයේදී රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
රෙජිමේන්තු මුලස්ථානය වෙත සපැමිණි නව කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් අනිල් ඉලංගකෝන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ලක්‍ෂමන් බමුණුසිංහ විසින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ද පිරිනැමුවේය.
ඉන් අනතුරුව, බ්‍රිගේඩියර් අනිල් ඉලංගකෝන් සිය කාර්යාලයේදී, ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවති මෙම උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් එක්ව සිටියහ.