Header

Sri Lanka Army

Defender of the Nation

04th August 2021 16:07:11 Hours

22 වන සේනාංකයේ නව සේනාංකාධිපති සිය බලප්‍රදේශයේ සංචාරයක

22 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස පසුගියදා රාජකාරි භාරගත් මේජර් ජෙනරල් සනත් අලුවිහාරේ සිය බලප්‍රදේශයේ පිහිටි 221, 222 හා 223 වන බලසේනා මුලස්ථාන සහ ඒ යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, 15 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 22 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව, 2 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුව සහ 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සංචාරය කරමින් භටපිරිස්ගේ අවශ්‍යතාවයන් පිළිබඳ සොයා බැලීය.

මෙම සංචාරය අතරතුරදී, බලසේනාධිපතිවරුන් විසින් නව සේනාංකාධිපති පිළිගැනීමෙන් අනතුරුව බලසේනා සහ ඒකකවල කාර්යභාරය පිළිබඳ සේනාංකාධිපති දැනුවත් කළේය.

තවද, තාවුල්වැව ආධුනික පුහුණු පාසලේ සංචාරයක නිරතවු සේනාංකාධිපති එහි පහසුකම් සහ වත්මන් තත්ත්වය පිළිබඳව කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කළේය.