Header

Sri Lanka Army

Defender of the Nation

02nd August 2021 16:51:21 Hours

කළුබෝවිටියන විද්‍යාලයේ සංවර්ධන කටයුතු තවදුරටත්

අතිගරු ජනාධිපතිතුමන්ගේ 16 වන ‘ගම සමඟ පිළිසඳරක්’ වැඩසටහන පසුගිය මාර්තු මස 27 වන දින පිටබැද්දර ප්‍රදේශයේ සිදුකිරීමෙන් අනතුරුව මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, කළුබෝවිටියන විද්‍යාලයේ සංවර්ධන කටයුතු සඳහා යුද්ධ හමුදාව වෙත උපදෙස් ලබාදුන්නේය.

ඒ අනුව, 5 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් මාතර දිස්ත්‍රික් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ තාක්‍ෂණික දැනුම යොදාගෙන කළුබෝවිටියන විද්‍යාලයේ සංවර්ධන කටයුතු සිදුකරන ලදී.

ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්‍ෂණය යටතේ යාන්ත්‍රික ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුරුද්ධ සෙනෙවිරත්න සහ 5 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ආර්.එස්.එල්.කේ. රත්නායකගේ මඟපෙන්වීම මත මෙම ව්‍යාපෘතිය සිදුකරනු ලබයි.

පාසල් ගොඩනැගිල්ලට යාබදව පිහිටි පස් කන්ද නායයෑම වළක්වාගැනීමේ අරමුණින් සිදුකරනු ලැබු මෙම ව්‍යාපෘතිය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත 2021 ජුනි මස 01 වන දින ආරම්භ කරන ලදී.