Header

Sri Lanka Army

Defender of the Nation

30th July 2021 10:56:28 Hours

54 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

54 වන සේනාංකයේ 11 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් දර්ශන විජේසේකර ඉකුත් බදාදා (28) දින මන්නාරම පිහිටි එම සේනාංක මුලස්ථානයේදී රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.

සේනාංක මුලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපති එම සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් පිළිගැනීමෙන් අනතුරුව 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුද කළේය.

පසුව හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද නව සේනාකාධිපති වෙත පුද කළේය. මේජර් ජෙනරල් දර්ශන විජේසේකර සිය කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ නව සේනාංකාධිපති පසුව භටපිරිස් ඇමතීය. ඉන් අනතුරුව, නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී නව සේනාංකාධිපතිසිය දැක්ම පැහැදිලි කළේය.

නව ධූරයේ රාජකාරී භාරගැනීමට ප්‍රථම, මේජර් ජෙනරල් දර්ශන විජේසේකර බටලන්ද පිහිටි ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක ධුරය හෙබවිය.

දැඩි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවති රාජකාරි භාරගැනීමේ උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.

මීට ප්‍රථම 54 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි කල මේජර් ජෙනරල් ජයන්ත බණ්ඩාර යුද්ධ හමුදා මුලස්ථානයේ පාබල අධ්‍යක්‍ෂ ජෙනරල් ලෙස පත්වීමෙන් අනතුරුව මේජර් ජෙනරල් දර්ශන විජේසේකර 54 වන සේනාංකයේ සේනාංකාධිපති තනතුරට පත්විය.