Header

Sri Lanka Army

Defender of the Nation

02nd August 2021 17:06:45 Hours

යුද්ධ හමුදා ඉංජිනේරු භටපිරිස් වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලය ප්‍රතිසංස්කරණ කරයි

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ භටපිරිස් තවත් ජාතිය ගොඩනැගිමේ ව්‍යාපෘතියකට දායකවෙමින් වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලදී.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් රොහාන් අමරසේකර ලබාදුන් උපදෙස් මත මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2020 දෙසැම්බර් මස ආරම්භ කරන ලදී.

අතිගරු ජනාධිපතිතුමන් මීට මාස කිහිපයකට පෙර බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුකල සංචාරයකින් අනතුරුව සිසුන්ගේ ශාරීරික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය විසින්මෙම ජාතික ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන ලදී.  

පාසල් පරිශ්‍රයේ නව ක්‍රීඩා මණ්ඩපය, ක්‍රීඩාංගණය වටා ඇති කාණු පද්ධතිය සහ පාසල් පරිශ්‍රයේ පිහිටි නේවාසිකාගාර ප්‍රතිසංස්කරණය සඳහා ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයවිසින් රුපියල් මිලියන 27 ක් වෙන් කර ඇත.

ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන විජේසුන්දර ලබාදුන් උපදෙස් මත මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ඉංජිනේරු බලසේනාවේ අධීක්‍ෂණය යටතේ 12 වන (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව සහ යාන්ත්‍රික ඉංජිනේරු බලසේනාව යටතේ ස්ථාපිත 6 වන කාරක ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සිදුකරනු ලබයි