Header

Sri Lanka Army

Defender of the Nation

30th July 2021 12:00:28 Hours

52 වන සේනාංකයේ භටපිරිස් නාවට්කුලි විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කරයි

නාවට්කුලි සමෘද්ධි සුමන විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීම අනුව, විහාරස්ථාන පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකිරීමට යෝජිත ආරාම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ භටපිරිස් සිය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය යොදාගනිමින් සිදුකරනු ලබයි.

විහාරස්ථාන භාරකාර මණ්ඩලයේ ආරාධනය පිළිගෙන ඉකුත් බ්‍රහස්පතින්දා (29) දින ඉදිකිරීමට යෝජිත නව ගොඩනැගිල්ල සඳහා මුල්ගත තැබීමේ උත්සවයට සපැමිණි 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර පීරිස් විසින් නව ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා සුභ මොහොතින් මුල්ගල තැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කුගේ උපදෙස් මත මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් සිදු කරනු ලබයි.