30th July 2021 16:00:28 Hours
එළවළු සහ ආහාර භෝග වගාව ව්‍යාප්ත කිරිමේ අරමුණින් කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය සහ පානීය ජලයට ලුණු මිශ්‍ර වීම වැළැක්වීම සඳහා ව්‍යාපෘතියක් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 241 වන බලසේනාවේ කාර්මික කුසලතාවයන්ගෙන් පරිපූර්ණ ඉංජිනේරු භටපිරිස් විසින් ආරම්භ කරන ලදි.
241 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්නගේ සංකල්පයකට අනුව පොතුවිල් සහ අක්කරේපත්තුව ප්‍රධාන මාර්ගයේ පිහිටි ආලයාඩ්වෙම්බු, තම්බැට්ට පාලම හරහා මුහුදු ජලය ඇළ මාර්ගයට මිශ්‍රවීම වැළැක්වීම සඳහා ජල පාලන ව්‍යුහයක් ඉදිකිරිම් කටයුතු අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමග සම්බන්ධීකරණයෙන් යුද්ධ හමුදා භටපිරිස් විසින් ආරම්භ කරන ලදී.
ඒ අනුව, මිරිදිය ප්‍රදේශවල ගොවීන්ගේ සහ ගම්වාසීන් මුහුණදුන් මෙම ගැටලුවට විකල්ප විසඳුමක් ලබාදෙමින් මුහුදු ජලය මිරිදිය ප්‍රදේශවලට කාන්දුවීම වැළැක්වීම සඳහා මෙම ජල පාලන ව්‍යූහය ඉදිකරනු ලබයි.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු අනුරාධා යහම්පත් මහත්මිය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් ද ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය කරමින් ඒ සඳහා අවශ්‍ය කටයුතු පිළිබඳ සොයාබැලීය.
මෙම ව්‍යාපෘතිය තුළින් ප්‍රදේශයේ සිවිල් වැසියන් විශාල පිරිසකට ප්‍රතිලාභ සැලසෙනු ඇත. ඊට අමතරව, 241 වන බලසේනාව විසින් ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන සිවිල් වැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ ස්වයං රැකියා අවස්ථා උත්පාදනය කිරීමේ අරමුණින් ආලයාඩිවෙම්බු ප්‍රදේශයේ මත්ස්‍ය වගා කර්මාන්තය පිළිබද හඳුන්වාදීමේ වැඩසටහනක් ද පවත්වන ලදී.
ප්‍රදේශයේ ජනතාව සඳහා හදුන්වාදුන් මෙම මත්ස්‍ය වගා ව්‍යාපෘතිය නැරඹීම සඳහා ආලයාඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් වී. පාපකරන් මහතා ද සහභාගී විය.