Header

Sri Lanka Army

Defender of the Nation

29th July 2021 17:00:38 Hours

යුද්ධ හමුදා භටපිරිස් වැලිගම වෙරළ තීරය පිරිසිදු කරයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 613 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 3 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (29) දින මාතර වැලිගම වෙරළ තීරය පිරිසිදු කරන ලදී.

61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දම්මි හේවගේ ලබාදුන් උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහයෝගය 613 වන බලසේනාවේ බලසේනාධිපති සහ 3 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි විසින් ලබාදෙන ලදී.