Header

Sri Lanka Army

Defender of the Nation

29th July 2021 15:00:38 Hours

යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් අඩු ආදායම්ලාභි පවුල් වෙත දිවා ආහාර පාර්සල් බෙදාදෙයි

කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් හුදෙකලා කර තිබු පේදුරතුඩුව ග්‍රාම නිලධාරි වසමේ පවුල් 285 කට දිවා ආහාර පාර්සල් 1000 ක් ඉකුත් බදාදා (28) දින බෙදාදෙන ලදී.

කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තවීමේ සෞඛ්‍යමය හේතුන් මත පනවා තිබු හුදෙකලා තත්ත්වයෙන් ප්‍රදේශයේ ධීවර ප්‍රජාවට දෛනික ආදායම් මාර්ගය අහිමිවි තිබිණි.

ඒ අනුව, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කුගේ උපදෙස් මත ක්‍රියාවට නැංවු මෙම වැඩසටහනේදී දිවා ආහාර පාර්සල් නිවෙස් වෙත ගොස් බෙදාදීම සඳහා 551 වන බලසේනාවේ භටපිරිස් සිය සහයෝගය ලබාදුන්හ.  

55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්. කේ. ජයවර්ධන ලබාදුන් උපදෙස් මත 551 වන බලසේනාවේ බලසේනාධිපති සහ 16 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ආහාරපාන පිළියෙල කර නිවෙස් වෙත ගොස් බෙදාදුන්හ.

මේ සඳහා මේජර් ජෙනරල් (විශ්‍රාමික) රවි රත්නසිංහම් ඇතුළු පරිත්‍යාගශීලින් කිහිපදෙනෙකුගේ අනුග්‍රාහකත්වය ලබාදුන්හ.