Header

Sri Lanka Army

Defender of the Nation

28th July 2021 15:00:38 Hours

66 වන සේනාංකයේ භටපිරිස් වගාකළ මාලුමිරිස් වගාවේ පළමු අස්වැන්න නෙලාගනී

පූනරින් පිහිටි 66 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ හරිතාගාරයේ වගාකරන ලද මාලුමිරිස් වගාවේ පළමු අස්වැනු නෙලීම පසුගිය බ්‍රහස්පතින්දා (22) දින සිදුකරන ලදී.  

66 වන සේනාංක මූලස්ථානය තුළ මෙම හරිතාගාරය විවෘත කිරීමෙන් අනතුරුව එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායකගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන ලද ‘හරිතාගාර’ ව්‍යාපෘතිය යටතේ මීට මාස කිහිපයකට පෙර මාලුමිරිස් පැළ සිටුවීම ආරම්භ කරන ලදී.

හරිතාගාර ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳව සියලුම නිලධාරින් සහ සෙසුනිලයින් දැනුවත් කිරීම, දිරිමත් කිරීම මෙන්ම ඒ තුලින් සුභසාධන කටයුතු වෙනුවෙන් අමතර ආදායමක් උපයාගැනීම අරමුණු කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහ.

එලෙස වගාකරන ලද මාලුමිරිස් වගාවේ පළමු අස්වැන්න නෙලීම 66 වන සේනාංකයේ සේනාංකාධිපති ඉදිරියේදී පසුගියදා සිදුකරන ලදී. මෙම අවස්ථාව සඳහා ව්‍යාපෘතියේ සාර්ථකත්වය උදෙසා කැපවූ 66 වන සේනාංකයේ නිලධාරින් සහ සෙසු නිලයින් එක්වූහ. එම අවස්ථාවේදි, මේජර් ජෙනරල් අජිත් දිසානායක වගාව පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීම සහ මෙම ව්‍යාපෘතිවල ඇති වටිනාකම පිළිබඳ කරුණු අවධාරණය කළේය.