Header

Sri Lanka Army

Defender of the Nation

28th July 2021 16:00:38 Hours

යුද්ධ හමුදා භටපිරිස් පූනරින් ප්‍රදේශයේ පවුල් 92 ක් වෙත වියළි සලාක පරිත්‍යාග කරති

කොළඹ රාජකීය විද්‍යාලයේ 1982 වර්ෂයේ ආදි සිසුන්ගේ අනුග්‍රාහකත්වයෙන් පූනරින් ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් 92 ක් වෙත රුපියල් ලක්‍ෂ 2 ක වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල් තොගයක් පසුගියදා බෙදාදුන්හ.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායකගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් මෙම වියලි සලාක පාර්සල් බෙදාදෙන ලදී.

කොවිඩ් - 19 වෛරසය හමුවේ දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටින ප්‍රජාව වෙත සහන සැලසීමේ අරමුණින් යුද්ධ හමුදා භටපිරිස් “You and us - Together stronger - We win when One” පාඨය තේමා කරගනිමින් පූනරින් මධ්‍ය විද්‍යාලයේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් රූපවති කේතීෂ්වරන් මහත්මියගේ උපදෙස් මත පූනරින් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. පූනරින් ප්‍රාදේශිය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් අතර මෙම වියලි සලාක පාර්සල් බෙදාදෙන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් රූපවතී කේතිෂ්වරන් මහත්මිය සහභාගී වූ අතර 661 වන බලසේනාවේ බලසේනාධිපති, 662 වන බලසේනාවේ බලසේනාධිපති, , 66 වන සේනාංකයේ කර්නල් පාලන හා භඨකාර්ය සම්පාදන, සිවිල් සම්බන්ධීකරණ නිලධාරී, අණදෙන නිලධාරීන්, පූනරින් ප්‍රාදේශීය ලේකම් සහ ග්‍රාම නිලධාරින් කිහිපදෙනෙක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.