Header

Sri Lanka Army

Defender of the Nation

28th July 2021 17:00:38 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නව ප්‍රවර්තකශාලාවක් විවෘත කෙරේ

නාරාහෙන්පිට, පොල්හේන්ගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ඉදිකරන ලද නව ප්‍රවර්තක ශාලාවක් පසුගිය සඳුදා (26) දින ආඥාපති භඨකාර්ය සම්පාදන මූලස්ථානය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් රංජන් ප්‍රේමලාල්ගේ සුරතින් විවෘත කළේය.

එහිදී පැවති චාම් උත්සවයකදී සමරු ඵලකය නිරාවරණය කරමින් නව ප්‍රවර්තක ශාලාවක් විවෘත කරන ලදී. එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ භටපිරිස්වලට දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවති මෙම ප්‍රවර්තක ශාලාව ඉදිකිරීම තුලින් ඔවුන්ගේ විවේක කාලය ඵලදායි ලෙස ගතකිරීමටත්, කියවීම තුලින් විවිධ විෂයන් පිළිබඳ දැනුම ප්‍රවර්ධනය කරගැනීමටත් හැකිවනු ඇත.

සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව පැවැති මෙම උත්සවයට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ලක්‍ෂ්මන් බමුණුසිංහ සහ විශේෂ විමර්ශන ඒකකයේ අණදෙන නිලධාරි කර්නල් රවින්ද්‍ර අබේසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ.