Header

Sri Lanka Army

Defender of the Nation

28th July 2021 13:00:38 Hours

7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් වියළි සලාක බෙදාදෙති

7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් දානපතියන් කිහිපදෙනෙකුගේ අනුග්‍රාහකත්වය ඇතිව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රොටවැව සහ මින්නේරිය ප්‍රදේශවල වෙසෙන අඩු ආදායම්ලාභි පවුල් සඳහා වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (20) දින දියත් කළහ.  

7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් වී. කරවිටගේ උපදෙස් හා අධීක්‍ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය එම ප්‍රදේශයේ තෝරාගත් පවුල් කිහිපයක ජීවනෝපාය ඉහළ නංවාලීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලදී.  

මෙම වැඩසටහන සඳහා 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි, නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගි වූ අතර ඔවුන් ප්‍රතිලාභින්ගේ නිවෙස් වෙත ගොස් එම එම වියලි සලාක පාර්සල් බෙදාදුන්හ.