28th July 2021 18:00:38 Hours
යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මොරටුව ප්‍රින්ස් ඔෆ් වේල්ස් මහා විද්‍යාලයේ 1983 - 87 ආදි ශීෂ්‍ය සංගමයේ සාමාජිකයින්ගේ අනුග්‍රාහකත්වය මත පසුගියදාවියළි සලාක පාර්සල් 100 ක් බෙදාදුන්හ.
ඒ අනුව, නැදුන්කර්නි, ඕලුමඩු,සේනායිපිලව්, කොක්එළිය, පරසන්කුලම් සහ විලත්තිකුලම් යනග්‍රාම නිලධාරි වසම් තුළ කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් දෛනික ආදායම් මාර්ග අහිමි වී පීඩාවට පත්ව සිටින අඩු ආදායම්ලාභී පවුල් වෙත මෙම වියළි සලාක පාර්සල් පසුගිය සෙනසුරාදා (24) දින බෙදාදෙන ලදී.
අනුග්‍රාහක භවතුන්ගේ දායකත්වය ඇතිව 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නන්දන දුනුවිල විසින් මෙම පරිත්‍යාග වැඩසටහන සංවිධානය කරන ලදී. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පවත්වන ලද මෙම වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර සහභාගී විය.
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පැවැති මෙම වැඩසටහන සඳහා තිසර පෙරේරා, වසන්ත පෙරේරා, නයන ජයන්ත, ප්‍රසාද් පීරිස්, චමිල් ප්‍රනාන්දු සහ අජිත් පී රඹුක්කන යන මහත්ම මහත්මීන් මෙන්ම 56 වන සේනාංකයේ සේනාංකාධිපති, 561, 562 හා 563 වන බලසේනාවල බලසේනාධිපතිවරුන්, සිවිල් සම්බන්ධීකරණ නිලධාරින්, අණදෙන නිලධාරින්,යුද්ධ හමුදා සාමාජිකයින් සහ විලත්තිකුලම් ග්‍රාම නිලධාරි එම්. ධනූෂන් මහතා සහභාගී වූහ.