Header

Sri Lanka Army

Defender of the Nation

28th July 2021 12:00:38 Hours

නව පහසුකම් සහිත 720 වන සංයුක්ත බලඝණය විවෘත කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් පූනරින් ප්‍රදේශයේ ස්ථානගත 662 වන බලසේනා මූලස්ථානයේ ඉදිකරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායයේ 720 වන සංයුක්ත බලඝණ ගොඩනැගිලි සංකීර්ණය පසුගිය සෙනසුරාදා (24) දින 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායක විසින් විවෘත කළේය.

එහිදී, සමරු ඵලකය නිරාවරණය කළ මේජර් ජෙනරල් අජිත් දිසානායක එම ගොඩනැගිලි සංකීර්ණයේ ස්ථාපිත නව ඉන්ධන පිරවුම්හල, තොග ගබඩාව, සළාක ගබඩාව, කාර්යාල සංකීර්ණය සහ සෙසුනිලයින්ගේ භඨනිවාස නිරීක්‍ෂණය කරන ලදී.

මෙම අවස්ථාවට බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් කිහිපදෙනෙකු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සහභාගී වූහ.