Header

Sri Lanka Army

Defender of the Nation

28th July 2021 11:00:38 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය 52 වන සේනාංක බලප්‍රදේශයේ සංචාරයක

26 වන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ලෙස පසුගියදා රාජකාරි භාරගත් මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ඉකුත් ඉරිදා (25) දින සිය බලප්‍රදේශයේ පිහිටි 52 සේනාංක මුලස්ථානයේ සංචාරයක නිරතවිය.  

52 වන සේනාංක මුලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති එම සේනාංකයේ සේනාංකාධිපති විසින් පිළිගත්තේය. පසුව, එම සංචාරය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ ආරක්‍ෂක සේනා ආඥාපති සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

මෙම සංචාරය අතරතුරදී, 52 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් එම සේනාංකයේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳ ආරක්‍ෂක සේනා ආඥාපති දැනුවත් කළේය. පසුව ආරක්‍ෂක සේනා ආඥාපති 52 වන සේනාංකය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ භටපිරිස් ඇමතුවේය.

ඉන් අනතුරුව, 522 වන බලසේනා මුලස්ථානයේ සංචාරයක නිරතවු ආරක්‍ෂක සේනා ආඥාපති කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය. පසුව විඩත්තප්පලෙයි බළඇණි පුහුණු පාසලේ සංචාරයක නිරත වු ආරක්‍ෂක සේනා ආඥාපති එම පුහුණු පාසලේ ආධුනික සෙබලුන්ගේ පුහුණු කටයුතු පිළිබඳ නිරික්‍ෂණය කළේය. ඉන් අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපති 7 වන ගජබා රෙජිමේන්තුවේ සහ 12 වන ගැමුණු හේවා බළඇණියේ සංචාරයක නිරත විය.

මෙම අවස්ථාවට බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ 52 වන සේනාංකයේ භටපිරිස් සහභාගි වුහ.