Header

Sri Lanka Army

Defender of the Nation

25th July 2021 10:00:42 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය 55 වන සේනාංක බලප්‍රදේශයේ සංචාරයක

26 වන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ලෙස පසුගියදා රාජකාරි භාරගත් මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ඉකුත් සෙනසුරාදා (24) දින සිය බලප්‍රදේශයේ පිහිටි 55 සේනාංක මුලස්ථානයේ සංචාරයක නිරතවිය.

55 වන සේනාංක මුලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මහින්ද ජයවීර විසින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමුහ. පසුව, ආරක්‍ෂක සේනා ආඥාපති එම සේනාංක මුලස්ථානයේ පිහිටි ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී භටපිරිස් ඇමතුවේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කල ආරක්‍ෂක සේනා ආඥාපති සියලු නිල තේපැන් සංග්‍රහයකට ද එක්විය. මෙම සංචාරය අතරතුරදී, 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මහින්ද ජයවීර විසින් සේනාංකයේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳ ආරක්‍ෂක සේනා ආඥාපති දැනුවත් කළේය.

පසුව, චුන්ඩිකුලම් ප්‍රදේශයේ සංචාරයක නිරත වු ආරක්‍ෂක සේනා ආඥාපති 553 වන බලසේනා මුලස්ථානය, 10 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව, පෙරියපච්චපලෙයි බළඇණි පුහුණු පාසල සහ පේදුරුතුඩුවේ පිහිටි 551 වන බලසේනා මුලස්ථානයේ සංචාරයක නිරත වුවේය.

මෙම අවස්ථාවට බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ 55 වන සේනාංකයේ භටපිරිස් සහභාගි වුහ.