Header

Sri Lanka Army

Defender of the Nation

25th July 2021 10:00:42 Hours

621 වන බලසේනාව ගර්භනී කාන්තාවන්ට වියළි සලාක පාර්සල් බෙදාදෙති

62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි ගුණසේකරගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 621 වන බලසේනාවේ සහ 14 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පසුගිය සිකුරාදා (16) දින වියළි සලාක පාර්සල් බෙදාදීම් වැඩසටහනක් දියත් කළහ.  

කොවිඩ් - 19 වසංගතය හමුවේ පීඩාවන්ට පත් සිවිල් වැසියන්ට උපකාර කිරීමේ අරමුණින් මෙම වැඩසටහන පදවිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී පවත්වන ලදී.

621 බලසේනාවේ භටපිරිස් විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේදී ප්‍රදේශයේ දෛනික ආදායම් මාර්ග අහිමි වූ පවුල්වල ගර්භනී කාන්තාවන් වෙනුවෙන් මෙම වියළි සලාක පාර්සල් බෙදාදෙනු ලැබූහ.  

මෙහිදී, ගර්භනී කාන්තාවන් 50 දෙනෙකු වෙනුවෙන් වියළි සලාක පාර්සල් බෙදාදීම සඳහා පරිත්‍යාගශීලි ජාලිය බෝධිනාගොඩ, ජයත්‍රි බෝධිනාගොඩ, එම්. සේනාධිර, එස්. අබේරත්න, සුපුන් ද සිල්වා, එෂානි ද සිල්වා සහ ප්‍රදීපා ජයතිලක යන මහත්ම මහත්මීන් විසින් අනුග්‍රාහකත්වය ලබාදුන්හ.  

මෙම අවස්ථාවට 621 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කීර්ති පැරකුම් සහ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 14 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ දෙවන අණදෙන නිලධාරි, වෛද්‍ය චන්දන දේවප්‍රිය, ප්‍රධාන පවුල් සෞඛ්‍ය නිලධාරිනි නිරෝෂා මහත්මිය සහ යුද්ධ හමුදා සාමාජිකයින් සහභාගී වූහ.