Header

Sri Lanka Army

Defender of the Nation

25th July 2021 08:00:42 Hours

18 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් ප්‍රජා සත්කාර ව්‍යාපෘතියක

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 18 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් පසුගිය අඟහරුවාදා (21) දින මොණරාගල ප්‍රදේශයේ පිහිටි පිළිසරණ වැඩිහිටි නිවාසයේ සත්කාරක වැඩසටහනක් පැවැත්වූහ.

මෙහිදි වැඩිහිටි නිවාස පරිශ්‍රය පිරිසිදු කල යුද්ධ හමුදා භටපිරිස් වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දිවා ආහාරවේලක් ලබාදුන්හ.

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවකගේ උපදෙස් මත මෙම වැඩසටහන 121 වන බලසේනාවේ බලසේනාධිපති සහ 18 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලදී.