Header

Sri Lanka Army

Defender of the Nation

24th July 2021 16:20:42 Hours

යුද්ධ හමුදා භටපිරිස් සිංහ සමාජයේ සාමාජිකයින් සමඟ එක්ව පාසල් සිසුන්ට අධ්‍යාපනික උපකරණ පරිත්‍යාග කරයි

233 වන බලසේනාවේ භටපිරිස්, මඩකලපුව සිංහ සමාජය සහ Alcami Heavy Metal පුද්ගලික සමාගම සමඟ එක්ව කුන්ජන්කුලම්, මදුරන්කර්නිකුලම් සහ කිරිමැටියාන ප්‍රදේශවල පදිංචි 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුන් වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (12) දින සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන යටතේ මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් 27 දෙනෙකු වෙත පාසල් උපකරණ, ලැප්ටොප් පරිඝණකයක්, බහුමාධ්‍ය උපකරණයක් (multi-media projector) සහ නොමිලේ අන්තර්ජාල සම්බන්ධතා පහසුකම් ලබාදෙන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරියගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කල මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත සහ 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේවගේ විසින් සිදුකළහ.