Header

Sri Lanka Army

Defender of the Nation

24th July 2021 16:45:42 Hours

යුද හා ගුවන් හමුදා භටපිරිස් එක්ව හදිසියේ ඇතිවු ගින්නක් මැඩපවත්වයි

ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හල්පේ රක්‍ෂිතයේ ඉකුත් සිකුරාදා (23) දින හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීමට ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත උඩවලව පිහිටි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මුලික වැඩපලේ සහ 8 වන ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් සමත්විය.

රක්‍ෂිතය පුරා ගින්න පැතිරෙමින් තිබීම හේතුවෙන්, ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සුජිව සෙනරත් යාපා ගේ උපදෙස් මත ගින්න මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදා භටපිරිස් සහය ලබාගත්තේය. කෙසේ වෙතත්, හදිසියේ හටගත් එම ගින්න හේතුවෙන් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් සිදුවී නොමැත.

ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සුජිව සෙනරත් යාපා ගේ උපදෙස් මත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මුලික වැඩපලේ සේනාවිධායක සහ 8 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ යුද හා ගුවන් හමුදා භටපිරිස් එම ගින්න මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගනු ලැබීය.