Header

Sri Lanka Army

Defender of the Nation

24th July 2021 14:00:42 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නික්මයන රෙජිමේන්තු අධිපතිතුමන්ට ගෞරවාචාරය

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 11 වන රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරි කල මේජර් ජෙනරල් සේන වඩුගේ සිය ධූරයෙන් නික්මයාමේ උත්සවය 2021 ජූලි මස 20 වන දින දඹුල්ලේ පිහිටා ඇති යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි නික්මයන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සේන වඩුගේ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේ ප්‍රධාන විධායක නිලධාරි බ්‍රිගේඩියර් ලසන්ත බාලචන්ද්‍ර, යාන්ත්‍රික පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජානක ප්‍රියදර්ශන සහ එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සාගර වනසිංහ විසින් පිළිගනු ලැබූහ.

ඉන් අනතුරුව, හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ප්‍රධාන දොරටුව අභියසදී එතුමන් වෙත පිරිනැමූහ. පසුව, රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් නික්මයන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සේන වඩුගේ විසින් යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරක අභියසදී පුෂ්පෝපහාර පුද කළේය.

හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය නික්මයන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සේන වඩුගේ වෙත පිරිනැමීමෙන් අනතුරුව එතුමන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ඇමතූවේය.

පසුව, නික්ම යන රෙජිමේන්තු අධිපති විශේෂ අමුත්තන් සඳහා වු පොතේ සුභාශිංසන පණිවිඩයක් තැබුවේය. ඉන් අනතුරුව, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිලධාරින් සහ සෙසුනිලයින් මාර්ගය දෙපස පෙළ සැදී නික්මයන රෙජිමේන්තු අධිපති වශයෙන් සිදුකළ සේවය අගය කරමින් මේජර් ජෙනරල් සේන වඩුගේ වෙත සිය ගෞරවාචාරය පුදකළහ. මෙම උත්සවය දැඩි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට මුල්තැනක් දෙමින් පැවැත්විණි.