Header

Sri Lanka Army

Defender of the Nation

25th July 2021 18:00:42 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති රාජකාරි අරඹයි

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 12 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු 2021 ජූලි මස 21 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රාජකාරි භාරගත්තේය. තවද, හෙතෙම යුද්ධ හමුදා මූලස්ථානයේ වත්මන් අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික ලෙසද කටයුතු කරනු ලබයි.  

එම රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු, නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේ ප්‍රධාන විධායක නිලධාරි බ්‍රිගේඩියර් එල්.එස්. බාලචන්ද්‍ර, යාන්ත්‍රික පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්.ජේ. ප්‍රියදර්ශන සහ එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ විසින් පිළිගන්නා ලදී.

ඉන් අනතුරුව, එම රෙජිමේන්තුවේ භටපිරිස් නව රෙජිමේන්තු අධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනැමූහ.

පසුව, නව රෙජිමේන්තු අධිපති ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් එම ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.  

මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය. ඉන් පසුව, භටපිරිස් ඇමතූ රෙජිමේන්තු අධිපති සියලුනිල තේ පැන් සංග්‍රහයක් සඳහා එක්වූයේය.

සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවැති මෙම අවස්ථාවට යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගී වූහ.