Header

Sri Lanka Army

Defender of the Nation

23rd July 2021 08:00:13 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සිය බලප්‍රදේශයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරිය ඉකුත් බ්‍රහස්පතින්දා (22) දින වාකරේ ප්‍රදේශයේ පිහිටි 233 වන බලසේනා මුලස්ථානයේ සංචාරයක නිරත විය.

233 වන බලසේනා මුලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් චන්න වීරසුරිය එම බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේවගේ විසින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමීය.  

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරිය, 233 වන බලසේනාවේ භටපිරිස් අමතමින් විනය ඉහළ මට්ටමක පවත්වා ගනිමින් සිය රාජකාරී අඛණ්ඩව ඉටුකිරීමේ වැදගත්කම පැහැදිලි කළේය.

තවද, කොවිඩ් - 19 වෛරසය හමුවේ දැඩි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙසත් දිනෙන් දින වාර්තාවන රිය අනතුරු අවම කරගැනීම සඳහා මාර්ගයේ ගමන් කිරීමේදී මාර්ග නීති අනුගමනය කරන ලෙසත් සියලුදෙනා අමතමින් ආඥාපති වැඩිදුරටත් පැවසීය. පසුව, මෙම සංචාරය සනිටුහන් කරමින් ආඥාපති කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

මෙම සංචාරය සඳහා 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත, බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන් සහ ඒ යටතේ ස්ථාපිත ඒකකවල අණදෙන නිලධාරීන් සහභාගි වූහ.