Header

Sri Lanka Army

Defender of the Nation

23rd July 2021 08:15:13 Hours

යාපනයේ නව ආඥාපති සිය බලප්‍රදේශයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ලෙස පසුගියදා රාජකාරි කටයුතු ආරම්භ කල මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු 2021 ජුලි මස 22 වන දින 51 වන සේනාංක මුලස්ථානයේ සංචාරයක නිරත වූයේය.  

51 වන සේනාංක මුලස්ථානය වෙත සපැමිණි නව ආඥාපති එම සේනාංකයේ සේනාංකාධිපති විසින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමුවේය. පසුව,ආරක්‍ෂක සේනා ආඥාපති එම සේනාංක මුලස්ථානයේ පිහිටි ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී භටපිරිස් ඇමතූවේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කල ආරක්‍ෂක සේනා ආඥාපති සමුහ ඡායාරූපයකට පෙනිසිටියේය. ඉන් අනතුරුව මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු එහි පැවති සියලුනිල තේපැන් සංග්‍රහයකටද එක්විය.  

පසුව, 512 වන බලසේනා මුලස්ථානයේ සංචාරයක නිරත වු හෙතෙම එම සංචාරය සනිටුහන් කරමින් එම කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළේය. ඉන් අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපති 14 වන ගජබා රෙජිමේන්තුවේ සහ 17 වන ගැමුණු හේවා බලඇණියේ සංචාරයක ද නිරත විය.  

මෙම අවස්ථාවට බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ 51 වන සේනාංකයේ භටපිරිස් සහභාගි වුහ.