Header

Sri Lanka Army

Defender of the Nation

21st July 2021 08:00:46 Hours

ඩෙවෝන් දියඇල්ලෙන් ඇදවැටුණු දැරිය සෙවීමට යුද්ධ හමුදා මෙහෙයුමක්

58 වන සේනාංකයේ භටපිරිස් පසුගිය ඉරිදා (18) දින දිඹුල, පතන ප්‍රදේශයේ පිහිටි ඩෙවෝන් දියඇල්ලෙන් ඇදවැටි අතුරුදන් වූ දැරියක් සෙවීම සඳහා මේ වනවිට සෝදිසි මෙහෙයුම් දියත් කර ඇත.

තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි පවිත්‍රා නම් දැරිය සිය මිතුරියන් තිදෙනෙකු සමඟින් දියඇල්ල නැරඹීම සඳහා කඳු මුදුනට ගොස් ඇති බවට මූලික වාර්තාවල සඳහන් වේ. එහිදී, ඇය දියඇල්ලෙන් සිය පාද සේදීමට උත්සහ කිරීමේදී සමබරතාවය ගිලිහී යාමෙන් එම කඳු බෑවුමෙන් ඇදවැටී ඇති බවට වාර්තා වේ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් සහ 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චම්පක රණසිංහගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක වූ යුද්ධ හමුදා භටපිරිස් පොලිසියෙන් ලද තොරතුරු වලට අනුව වැසිබර කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ අතුරුදන් වූ දැරිය සෙවීම සඳහා සෝදිසි මෙහෙයුමක් දියත් කළහ.

යුද්ධ හමුදා භටපිරිස් එම දැරිය සෙවීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරූ අතර එම ප්‍රදේශයේ පවතින දැඩි මීදුම් සහිත වැසිබර කාලගුණික තත්ත්වය හේතුවෙන් සිකුරාදා (23) දින උදෑසන වනවිටත් අතුරුදන් වූ එම දැරිය සොයාගැනීමේ යුද්ධ හමුදා මෙහෙයුම් ව්‍යාර්ථ විය.