Header

Sri Lanka Army

Defender of the Nation

22nd July 2021 15:45:20 Hours

ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු ක්ෂේත්‍ර සංචාරයක නිරතවෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් නිහාල් අමරසේකර 7 වන ක්ෂේත්‍ර ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් මහඔය, ටැම්පිටිය ප්‍රදේශයේ මෑතකදී ඉදිකරන ලද ක්ෂේත්‍ර වෙඩිපිටියේ මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතිය නිරීක්‍ෂණය කිරීම සඳහා පසුගිය සිකුරාදා (16) දින ක්ෂේත්‍ර සංචාරයක නිරත වූයේය.

මෙම සංචාරයේදී ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මඟපෙන්වීම් ලබාදීමට පෙර හෙතෙම 7 වන ක්ෂේත්‍ර ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරිගෙන් ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ සමාලෝචනයක් ලබාගන්නා ලදී.  

ඉන් අනතුරුව, අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ‘ගම සමඟ පිළිසඳරක්’ ව්‍යාපෘතිය යටතේ 7 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව සහ 12 වන (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ක්‍රියත්මක කරනු ලබන හිඟුරක්ගොඩ රජරට විද්‍යාලයේ ක්‍රීඩාපිටියේ ප්‍රතිසංස්කරණ කටයුතු සහ පුස්තකාල ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව සොයාබැලුවේය. පසුව, 12 වන (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ සිදුකරනු ලබන ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය කිරීමට ද හෙතෙම කටයුතු කළේය.  

මෙම සංචාරය අතරතුර මේජර් ජෙනරල් නිහාල් අමරසේකර පසුගිය සෙනසුරාදා (17) දින ආරක්‍ෂක සේනා මූස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 7 වන කාරක ඉංජිනේරු බලකායට අයත් මහවැළිතැන්නේ පිහිටි බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ සංචාරයක නිරත වූහ.  

7 වන ක්ෂේත්‍ර ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ජේ.එල්.එන් සිල්වා සහ ඉදිකිරීම් කටයුතු භාර නිලධාරි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කපිතන් ඩී.එම්.එස්.කේ දිසානායක විසින් ප්‍රදේශයේ මේ වනවිට සිදුකරමින් පවතින ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ කාර්යභාරය පිළිබඳ මේජර් ජෙනරල් නිහාල් අමරසේකර දැනුවත් කළහ.