Header

Sri Lanka Army

Defender of the Nation

22nd July 2021 16:30:42 Hours

65 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ 13 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් අනිල් සමරසිරී පසුගිය සඳුදා (19) දින ආලන්කුලම් පිහිටි එම සේනාංක මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි ආරම්භ කළේය.

නව සේනාංකාධිපති 65 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම සේනාංකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය බ්‍රිගේඩියර් අනිල් සමරසිරී වෙත පිරිනැමූහ.

ඉන් අනතුරුව, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ බ්‍රිගේඩියර් අනිල් සමරසිරී නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයක අත්සන් තැබුවේය. මෙම අවස්ථාවට එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින්ද සහභාගී වූහ.

පසුව, නව සේනාංකාධිපති කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව භටපිරිස් ඇමතුවේය. අනතුරුව, මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්වීය.

මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට පෙර බ්‍රිගේඩියර් අනිල් සමරසිරී මාදුරුඔය පිහිටා ඇති යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක ධූරය හෙබවූවේය.

මෙම අවස්ථාව සඳහා 65 වන සේනාංකය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරින් සහ සෙසු නිලයින් කොවිඩ් - 19 සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සහභාගී වූහ.