Header

Sri Lanka Army

Defender of the Nation

22nd July 2021 15:30:20 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සෙසුනිලයින් ඉඩම් මිනුම් කටයුතු සඳහා සුදුසුකම් ලබති

ඔටෝකාඩ් (Auto CAD) පරිඝණක මෘදුකාංගය හා තවත් තාක්‍ෂණික උපකරණ භාවිතයෙන් සිදුකරනු ලබන මිනුම් කටයුතු සම්බන්ධ පුහුණු පාඨමාලාව හැදෑරූ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සෙසුනිලයින් 06 දෙනෙක් සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සෙසුනිලයින් 03 දෙනෙක් සිය පාඨමාලාව සාර්ථකව අවසන් කළ අතර කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේදී ඔවුන් වෙත සහතිකපත් පිරිනමන ලදී.

එම පුහුණුවන්නන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායකගේ මගපෙන්වීම මත ලියාපදිංචි බලපත්‍රලාභී මිනින්දෝරු කපිතන් ඩබ්ලිව්.ඒ.එච්.ජේ.ඩබ්ලිව්. සිල්වා විසින් මෙම පාඨමාලාව පවත්වනු ලැබීය. මෙම පුහුණු ව්‍යාපෘතියේ කොටසක් ලෙස, පාඨමාලාව සඳහා සහභාගී වූ 4 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ අක්කර 55 ක භූමිභාගයක් තුළ මිනුම්කටයුතු සිදුකර සිය පුහුණුවීම් කටයුතු සිදුකළහ. මෙම පුහුණු පාඨමාලාව 2021 ජුනි මස 05 දින සිට 2021 ජුලි මස 12 දින දක්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේදී පැවැත්විණි.  

මෙම පාඨමාලාවේ සම්පූර්ණ පුහුණු සැසිවාරයන් පුහුණු මිනින්දෝරුවන් විසින් පවත්වනු ලැබූ අතර නවීන තාක්‍ෂණික උපකරණ භාවිතා කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ඉඩම් මැනීමේ ව්‍යාපෘතිය සාර්ථකව නිම කරන ලදී.  

මෙම උත්සවයේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ බලසේනාධිපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ විසින් පාඨමාලාවට සහභාගීවූවන් වෙත සහතිකපත් ප්‍රදානය කළ අතර වෘත්තීය දියුණුව ප්‍රවර්ධනය කරමින් අපේක්‍ෂිත කාර්යභාරය ඉටුකිරීම පිළිබඳව ඔවුන් වෙත ප්‍රශංසා කළේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ක්‍රිස්ටි ජයසිංහ ද මෙම සහතිකපත් ප්‍රදානය සඳහා එක්වූවේය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් කොවිඩ් - 19 සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සහභාගී වූහ.