Header

Sri Lanka Army

Defender of the Nation

20th July 2021 19:31:46 Hours

කාබනික පොහොර නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා පානළුව 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ භටපිරිස්වල සහය

කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරිමේ රාජ්‍ය ප්‍රතිපත්තියට සහයෝගය දක්වමින් 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ භටපිරිස් පානළුව යුද්ධ හමුදා කඳවුර තුළ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් පසුගිය දා ආරම්භ කරන ලදී.

මෙම වැඩසටහන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කුමාර හඳුන්මුල්ල සහ 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් සී.එස්. දේමුණි ගේ උපදෙස් මත 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කපිතන් එච්.ජේ.සී කුමාරගේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කරනු ලබයි.

තවද, මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලියෙන් අනතුරුව පානළුව ප්‍රදේශයේ කාබනික පොහොර අවශ්‍යතා සපුරාලීමට යුද්ධ හමුදාව අපේක්‍ෂා කරන අතර දේශීය ගොවීන්ට කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳව අවශ්‍ය තාක්‍ෂණික සහයෝගය ලබාදීමට ද අපේක්‍ෂා කරයි. මෙම ව්‍යාපෘතියේ කොටසක් ලෙස කාබනික පොහොර භාවිතයේ ඇති වැදගත්කම පිළිබඳව මහජනතාවගේ දැනුවත්භාවය වැඩිදියුණු කිරීමට අපේක්‍ෂා කරයි.