Header

Sri Lanka Army

Defender of the Nation

20th July 2021 09:00:19 Hours

22 වන සේනාංකයේ සේනාංකාධිපති සිය ධූරයෙන් නික්මයයි

22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සමන්ත සිල්වා යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරල් ධූරයේ රාජකාරි භාරගැනීම සඳහා 2021 ජුලි මස 18 දින සිය ධූරයෙන් නික්ම ගියේය.

නික්ම යන 22 වන සේනාංකයේ සේනාංකාධිපති එම මූලස්ථානය වෙත සපැමිණි අවස්ථාවේදී යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ.

මේජර් ජෙනරල් සමන්ත සිල්වා සිය ධූරයෙන් නික්මයාම සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් පසු 22 වන සේනාංකයේ නිලධාරින් සහ සෙසුනිලයින් ඇමතුවේය. ඉන් අනතුරුව, හෙතෙම එම සේනාංක මූලස්ථානයේ නවීකරණය කරන ලද කායවර්ධන මධ්‍යස්ථානය ද විවෘත කිරීම සඳහා එක්විය.