Header

Sri Lanka Army

Defender of the Nation

20th July 2021 18:21:01 Hours

කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් තවත් පාසල් ව්‍යාපෘති දෙකක් මාස දෙකකට අඩු කාලයකින් නිමකරයි

අතිගරු ජනාධිපතිතුමන් යුද්ධ හමුදාධිපතිතුමන්වෙත ලබාදී ඇති උපදෙස් මත මොණරාගල දිස්ත්‍රීක්කයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ලබාදී ඇති පාසල් තුනෙන් පාසල් දෙකක ක්‍රීඩා පිටි දෙකක් ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු සහ ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිතිගේ මඟපෙන්වීම මත 6 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර අවසන් කරන ලදී.

අතිගරු ජනාධිපතිතුමා මොණරාගල දිස්ත්‍රික්කයේ කළ සංචාරයක් අතර තුර යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පවරණ ලද මෙම ව්‍යාපෘතිය 2021 මැයි මාසයේදී ආරම්භ කරන ලදි. ඒ අනුව ආරම්භ කරනු ලැබු මැදගම ජාතික පාසලේ හා හම්බෙගමුව ද්විතීයික පාසලේ ක්‍රීඩාපිටිවල ප්‍රතිසංස්කරණ කටයුතු මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ නිමකර අදාළ පාසල් බලධාරීන් සහ සිසු සිසුවියන් වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්තියට සමගාමීව තණමල්විල ප්‍රදේශයේ පැවති ‘ගම සමග පිළිසඳරක්’ 8 වන වැඩසටහනේදී එම දිස්ත්‍රික්කයේ පාසල් 6 ක ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදුකිරීම සඳහා යුද්ධ හමුදාව වෙත භාරදෙන ලදී.

තවද, ඒ අනුව ආරම්භ කරනු ලැබු පළමු ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති තුනෙන්, කොටවෙහෙර මාන්කඩ මහා විද්‍යාලයේ ක්‍රීඩාපිටිය සහ සමස්ත ජලාපවහන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේවන විට අවසන් අදියරයේ පවතී.

මෙම ව්‍යාපෘතීන් ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් නිහාල් අමරසේකර සහ ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන විජේසුන්දරගේ අධීක්‍ෂණය යටතේ කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සිදුකරනු ලබයි.

මෙම ව්‍යාපෘතීන්වලින් එම ප්‍රදේශයේ පාසල්වල සිසු සිසුවියන් 5000 කට අධික ප්‍රමණයකට ප්‍රතිලාභ සැලසේ.