Header

Sri Lanka Army

Defender of the Nation

22nd July 2021 15:15:20 Hours

ධූරයෙන් නික්ම යන 65 වන සේනාංකයේ සේනාංකාධිපතිට ගෞරවාචාර

65 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරී ඉටුකර නුදුරේදී විශ්‍රාමයාම සඳහා සිය ධුරයෙන් නික්මයන මේජර් ජෙනරල් ටිකිරි දිසානායක වෙත ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් පසුගිය සෙනසුරාදා (17) දින එම සේනාංක මූලස්ථානයේදී පැවති අතර, එහිදී භටපිරිස් විසින් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ටිකිරි දිසානායක වෙත 24 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. ඉන් අනතුරුව, නික්මයන 65 වන සේනාංකයේ සේනාංකාධිපති වෙත 10, 19 සහ 17 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් එම සේනාංකයේ සරඹ භූමියේදි සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ද පුදකළහ. මෙම අවස්ථාවට එම සේනාංකය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, 65 වන සේනාංක මූලස්ථානයේ සියලු නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගී වූහ.  

මේජර් ජෙනරල් ටිකිරි දිසානායක සිය රාජකාරි නිමාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය කළේය. ඉන් අනතුරුව, හෙතෙම භටපිරිස් අමතමින් සිය ධූර කාලය තුළ ලබාදුන් නොමසුරු සහයෝගය වෙනුවෙන් සියලු නිලයින් වෙත ස්තූතිය පුදකළේය.