20th July 2021 06:10:19 Hours
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් පත්වීම් ලද ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා පසුගිය ඉරිදා (18) දින යුද්ධ හමුදා භටපිරිස් විසින් අලුත්වැඩියා කර නවීකරණය කරන ලද වාහන කිහිපයක් ඉදිරි නඩත්තු පෙදෙස - උතුර සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය ප්‍රයෝජනය සඳහා විධිමත් ලෙස භාරදුන්නේය.
ඒ අනුව, 4 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් අයෝග්‍යය තත්ත්වයේ පැවති කැබ් රථ, ට්‍රක් රථ, ට්‍රැක්ටර්, බවුසර්, ත්‍රිරෝද රථ, විදුලිකජනක යන්ත්‍ර සහ ජල පොම්ප කිහිපයක ප්‍රතිනවීකරණ කටයුතු සිදුකරආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය ප්‍රයෝජනය සඳහා භාරදෙනු ලැබීය.
මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ධූරයේ රාජකාරි භාරගැනීමට මත්තෙන්යුද්ධ හමුදා භටපිරිස්වල අවශ්‍යතාවය සපුරාලීමේ අරමුණින්ප්‍රතිනවීකරණය කරන ලද මෙම වාහනනැවත භාරදීම සඳහා පැවති උත්සවඅවස්ථාවට සහභාගී වූයේය.
මෙම අවස්ථාවට, ඉදිරි නඩත්තු පෙදෙසඋතුර - ආඥාපති, 51, 52 සහ 55 වන සේනාංක වල සේනාංකාධිපතිවරුන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනයබ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික සහ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරින් ඇතුළු නිලධාරින් සහ භටපිරිස් සහභාගී වූහ.