Header

Sri Lanka Army

Defender of the Nation

20th July 2021 07:30:19 Hours

නිරෝධායන කටයුතු අවසන් කළ පුද්ගලයින් 660 දෙනෙක් සිය නිවෙස් වෙත පිටව යති

අද (20) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,487 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 23 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 1,464 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 217 ක් ලෙසය. ඊට අමතරව, කුරූණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 213 ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 164 ක් වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 870 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

අද (20) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 286,418 ක් ලෙස වාර්තා වේ. ඒ අතරින් අළුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 177,627 වේ.

අද (20) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 972 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (20) දිනයේදී ත්‍රිවිධ හමුදාව සහ හෝටල් තුළ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 70 ක් තුළ පුද්ගලයින් 4,923 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. එසේම, අද (20) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) නිරෝධායන මධ්‍යස්ථාන 19 ක් තුළින් පුද්ගලයින් 660 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.

ජුලි මස (18) වන දින ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදිත කාන්තා මරණ 20 ක් සහ පිරිමි මරණ 28 ක් ඇතුලුව මරණ 48 ක් වාර්තා වී ඇත.

අද (20) දින උදෑසන සිට මහනුවර දිස්ත්‍රීක්කයේ කටුගස්තොට පොලිස් බලප්‍රදේශයේ යටිවාවල ග්‍රාම නිලධාරි වසමේ සාගරාදෙණිය වත්ත සහ කළුතර දිස්ත්‍රීක්කයේ කළුතර උතුර පොලිස් බලප්‍රදේශයේ කුඩා වස්කඩුව බටහිර 710 ප්‍රදේශය හුදකළා භාවයෙන් ඉවත් කර ඇත.