Header

Sri Lanka Army

Defender of the Nation

19th July 2021 10:15:13 Hours

වන්නි - ආරක්‍ෂක සේනා ආඥාපති සිය බලප්‍රදේශයේ ස්ථාපිත සේනාංක සහ බලසේනාවල ක්ෂේත්‍ර සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර 2021 ජූලි මස 02, 03, 09, 11 සහ 12 යන දිනවල එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 54, 62, 21, 56 සහ 65 යන සේනාංකවල සහ ඒ යටතේ ස්ථාපිත බලසේනාවල සංචාරයක නිරත වූහ.

එම සංචාරයන් වලදී ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සේනාංක සහ බලසේනාවන්වල නිලධාරින් සහ සෙසුනිලයින් අමතමින් සිය ඉදිරි දැක්ම පිළිබඳ ඔවුන් දැනුවත් කළේය.

භටපිරිස් ඇමතීමේදී මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර සිවිල් වැසියන්ගේ ගෞරවාදරයට පාත්‍රවීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගෞරවය හා කීර්තිය ආරක්‍ෂා කරගනිමින් රාජකාරි ඉටුකිරීමේ වැදගත්කම පිළිබඳව භටපිරිස් දැනුවත් කළේය. යුද්ධ හමුදාවේ ප්‍රතිරූපයට හානිවන අයුරින් කටයුතු නොකරන ලෙස ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම සංචාරයන් සඳහා 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාර, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටිකිරි දිසානායක, 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නන්දන දුනුවිල, 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි ගුණසේකර සහ 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මොහාන් රත්නායක, බලසේනාධිපතිවරුන්, සියලු අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.